සමලිංගික හිංසනය
ලෝකය පුරා බොහෝ සමලිංගික පුද්ගලයන් මානසික හා කායික හිංසනයට ලක්විමෙ දැඩි ප්රවනතාවයක් දැකිය හැකිය.එයට ප්‍රධාන හේතුව වශයෙන් සැලකිය හැක්කෙ විශම ලිංගිකයන් තුල සමලිංගිකයන් පිලිබද ඇති අප්පිරියා සහගත හැගීමයි. ඔවුන් එය සලකන්නෙ දැඩි සමාජ විරොධි ක්‍රීයාවක් ලෙසයි.
එනමුදු සමලිංගික පුද්ගලයන් මෙවැනි තත්වයකදි දැඩි මානසික හා කායික අපහුසු තාවයකට ලක්වෙයි.
සමලිංගික හිරිහැර කිරීම සහ සමලිංගික පහර දීම යනු
සමලිංගික හෝ ඔවුන් සමලිංගික යැයි සිතන නිසා හිරිහැර කිරීම හෝ නරක ලෙස සැලකීමයි. ඉලක්ක වන්නේ මූලික වශයෙන් ඔවුන් සමලිංගික වුවත් නැතත් ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ ඒකාකෘති භූමිකාවන්ට නොගැලපෙන පුද්ගලයන් ලෙස සැලකීමයි
සමලිංගික හිරිහැර කිරීමේ සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ සමලිංගික තරුණයින් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකු නවක වදයට ලක්ව ඇති අතර ඉන් අඩකට ආසන්න සංඛ්‍යාවක් ශාරීරිකව හිරිහැරයට ලක් වූ අතර හතරෙන් එකක් ශාරීරික පහර දීම් සිදුවි ඇති බවයි.
සමලිංගික හිරිහැර කිරීම මෙසෙ පෙන්වා දිය හැකියි
- නම් කිරිම
- සමච්චල් කිරීම
- විහිළු කිරීම
- ප්රචන්ඩ සමලිංගික විරෝධී බව පෙන්විම
- සමලිංගික ස්වභාවයට වෙනස්කම් කිරීම
- ශාරීරික හෝ ලිංගික හිංසනය
මෙවැනි ඕනෑම පුද්ගල සුළු සිදුවීම් කෙනෙකුට මුහුණ දිය හැකි දෙයක් විය හැකි නමුත් එහි ඇති ප්‍රධාන ගැටලුව වන්නේ පුද්ගලයෙකුගේ ආත්ම අභිමානයට හා ජීවත් වීමට ඇති ආශාව නැති කරන තරමට බරපතල තත්වයකට ඔහු හෝ ඇය පත්විමයි
ලංකාවෙ දි නම් බොහෝවිට මෙවැනි පුද්ගලයන් නම් කිරිමක් සිදු කරයි.
අරු කොලු කාරයෙක්
අරු පුක දෙන එකෙක්
ලෙස එකිනෙකා අතර ප්‍රචලිත කරන සිදුවිම් ද
නැතිනම් ඔවුන්ට සෘජුවම කොලු කාරයා පුක දෙන එකා ලෙස පරිබව කරයි
සමච්චලයට හා විහිලුවට පත් කිරිම
පොන්නයා නපුංසකයා
වැනි වචන බාවිතා කර ඇමතීම. මෙන්ම දැඩි අපහුසු තාවයට පත්වෙන අන්දමෙ ප්‍රකාශ සිදු කිරිම... උදාහරණයක් ලෙස " ඔහම ජීවත් වෙනවට වඩා හොදයි මැරිල පලයන්" වගෙ දරුනු මානසික ප්‍රහාර වලට ලක් කිරිමයි..
සමහරු ප්රචන්ඩ ලෙස සමලිංගික පුද්ගලයන්ට ප්‍රතිචාර දක්වයි. දැඩි කායික හිංසා සිදු කිරිම. පහර දීම දැඩි වාග් ප්‍රහාර සිදු කිරිම. ඇතැම් අවස්තාවල මරා දැමිම් වැනි සිදුවිම් වාර්තාවෙ.
සමහරු සමලිංගිකයන්ගෙ ස්වභාවය අපහාසට ලක් කරයි. සමහර සමලිංගික හෝ නොවන පුද්ගලයන් තුල ස්ත්‍රී ලක්ෂණ වැඩි වශයෙන් දකින්නට ලැබෙි. ඒ අතරින් කතා කිරිම ඇවිදිම වැනි ලක්ෂන ඉස්මතුවි පෙනෙ.තව මෙ අතර ශරිරය කාන්තාවක හා සමානව දැකිය හැකි පුද්ගලයන් සිටි.මෙවැනි අය සමාජයේ පුද්ගලයන්ගෙ වැඩි අවධානයනයට ලක්වෙ.මෙම ස්වභාවය නිසා සමාජයෙ බොහො දෙනෙකුගෙන් ඔවුන් ප්‍රතික්ෂේපිත වීමට බලපායි. විශේෂත්වය වන්නෙ සමහර සමලිංගික පුද්ගලයන්ගෙන් පවා ඔවුන් ප්රතික්ෂෙප කිරිමයි.
සමලිංගික පුද්ගලයන්ට ලිංගික අපයෝජන සිදුවන අවස්තාවන්ද ලොකයෙ තැනින් තැන වාර්තාවෙ. එනමුත් වාර්තා නොවන එවැනි ලිංගික අපයෝජන බොහොමයක් දිනපතා සිදුවෙමින් පවතින බව සමහර මාධ්‍ය පවසයි.
මෙි අතර සමලිංගිකයන්ට ප්‍රිය හා සමලිංගික පුද්ගයන්ද විසින්ද බාල වයස් පිරිමි ළමුන් දැඩි ලිංගික අපයෝජන සිදුකර ඇති අවස්තා වාර්තාවෙ. සමහර විෂම ලිංගික පුද්ගලයන් පවා බාල වයස් පිරිමි ළමුන්ට බරපතල ලිංගික අපයෝජන සිදුකරපු අවස්තා වාර්තාවි තිබෙි.
කෙසේ වෙතත් සමලිංගික පුද්ගයෝද මෙි සමාජයේම ජිවත්වන කොටසක් ලෙස සියලුදෙනාම අකමැත්තෙන් හෝ පිලිගත යුතුව ඇත.
ඔවුන්ට සමාජයේ විරෝධය නොපෙන්විය යුතුය. මන්ද එවැනි පුද්ගයින් සමලිංගික වීම තුලම දැනටමත් දැඩි ලෙස අසරණවු පිරිසකි. ඔවුන් තමන්ගෙ හැගීම් දැනිම් හිරකරගෙන ජීවත් වෙන පුද්ගලයන්වෙ.ඔවුන්ට සමාජයෙන්ද තව දුරටත් ගැරහුම් අපහාස නින්දා පිලි නොගැනීම හේතු කරගෙන ජීවිතය ඉතාම නීරසව ගත කිරිමට සිදුවෙ.
අසරණ බාවයෙ ප්‍රතිපලයක් ලෙස සමහරු සමලිංගික පුද්ගලයකු වූවත් ඒ බව සගවාගෙන විෂම ලිංගිකයන් හා විවාහ ජීවිත ගත කිරිමට සිදුවෙ. මෙවැනි පවුල් ජිවිත ඉතාමත් අසාර්තක වන අතර ඉතාමත් හදිසි කෙනෙකු සාර්තක විය හැකිය.
එසේ විවාහ ජිවිතයකට යා නොහැකි බොහෝ සමලිංගික පුද්ගලයන් ජිවිත කාලය පුරා විවාහ නොවි හුදකලාව ජීවත් වීමට ප්‍රිය කරයි. සමහරු විදේශ ගත වෙයි. සමහරු එක එක පුද්ගලයන්ගෙ සෙල්ලම් බාන්ඩ විලසින් ජිවිතයම ගත කරයි. ඔවුන්ට ආදරය කිරිමට එකට කාලය ගත කිරිමට සහකරුවන් සොයා ගැනිම දුෂ්කර වුවත් සමහර සවල්ප දෙනෙකු සමාජයට අභියෝග කරමින් එකට ජිවත්වෙයි.
උපදෙස්
කෙසේ වෙතත් මෙහි අවාසනාවන්ත තත්වයක් ලෙස සියදිවි හානිකර ගැනිම් සිදුවිය හැක. එසේ ඔබ කෙතරම් අසරණ වුවද සියදිවි හානිකර ගැනිමකට පෙලඹෙන්න එපා.
සියලුම පුද්ගලයන් මෙසෙ නොවෙි. කාගෙ වුවත් දුක වෙිදනාව හැගිම් තේරුම් ගත හැකි පුද්ගලයන්ද මෙි සමාජයෙ සිටිනවා. සමලිංගික වන ඔබද මෙි සමාජයට ආර්ථිකයට ඉතා වැදගත් පුද්ගලයෙක්. ඔබ වෙනුවෙන් මුලු ජීවිතයම කැප කරපු දෙමව්පියො සහොදර සහෝදරියන්ද ඔබට සිටිනවා. ඔබ ඔවුන් වෙනුවෙන් වගකිව යුතුයි. මොහතක් සිතන්න ජිවිතය පිලිබද වෙනස් අයුරින් ධනාත්මකව දකින්න පුරුදු වෙන්න
සෑම පුද්ගලයෙක්ම ඔබට කැමතිි විය හැකි බව නොසිතන්න. ඔබගෙ අදහස් සෑම කෙනෙක් වෙත තේරුම් කිරිමට උත්සාහ නොකරන්න. එවගේම සෑම පුද්ගලයෙක්ම ඔබට අකමැති බවටද නොසිතන්න. ඔබ සමග ඇසුරු කිරිමට කැමති ඔබගේ අදහස් සමග ගැලපෙන සහකරුවකු යහලුවෙකු ඇසුරු කරන්න. එකිනෙකාට උදව් කරන්න. එකිනෙකාට අවංක වන්න.
කෙසේ හෝ ජිවිතයෙ අරමුණකට පිවිසෙන්න. මුදල් උපයන්න. තමාගේම නිවසක් හදාගන්න. තමාගෙම බැංකු ගිනුමක් පෝෂනය කරන්න. ව්‍යායාම කරන්න. ඔබට හිතවත් අය සමග ඇසුරු කරන්න. දුරකතයෙන් කතා කරන්න. තනිව හො විනෝද ගමන් යන්න. පරිසරය විදින්න. ධර්මයට යොමු වෙන්න. පිනට කුසලට නැඹුරු වන්න. වෙන අයගෙ පරිබව හිංසා වලට ඔබ ගොදුරක් නොවන්න. එවැනි පුද්ගලයන් නොසලකා හරින්න. සැහැල්ලුවෙන් ජිවිතය ගෙවන්න.